Department of Transport

පෞද්ගලික බස්රථ රියදුරු මහතුන් හා රියදුරු සහායක මහතුන් දැනුවත් කිරීම….

පෞද්ගලික බස්රථ සේවය යනු මෙරට පොදු ප්‍රවාහන සේවයේ ප්‍රධාන භූමිකාවක් ඉටුකරනු ලබන සුවිශේෂී වූ වෘත්තියකි. එම සේවයෙහි නිරතවන රියදුරු මහතුන්ගේ සිය සේවාවන්හි ගුණාත්මක සංවර්ධනයක් ඇති කර සමාජය පිළිගත් වෘත්තීමය රියදුරෙකු වශයෙන් සමාජගත කිරීමත්, ඒ තුළින් මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ සුවපහසු මෙන්ම මහජනතාවට වඩාත් සමීපතම වූ ප්‍රවාහන සේවාවක් පෞද්ගලික බස්රථ සේවය තුළින් ඇතිකරලීම අත්‍යාවශ්‍ය වූ කරුණකි.

එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මධ්‍යම පළාතේ පෞද්ගලික බස් රථ රියැදුරු මහතුන් හා රියදුරු සහායක මහතුන්ගේ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීමේ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ආරම්භක පියවර 2026 මැයි මස 20 සහ 27 යන දිනයන්හිදී මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සම්පත් දායකත්වය සමාජ සවි බලගැන්වීම් අමාත්‍යාංශයේ මනෝ උපදේශක නිලුකා දිසානායක මහත්මිය විසින් ලබාදෙන ලද අතර, මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ ගරු සභාපතිතුමන්, සාමාන්‍යාධිකාරි තුමා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ලැබුණු සහයෝගය සුවිශේෂී වේ.

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No: 104, Yatinuwara Veediya, Kandy | Phone: 0812 238 702 | Email: cpctransportkandy@yahoo.com

© 2023 Design & Developed by Beelinesoft