Department of Transport

මාර්ග ආරක්ෂණය පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීම. (දුම්බර රාජකීය ප්‍රාථමික විද්‍යාලය හා පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය)

මාර්ග ආරක්ෂාව යනු මාර්ග භාවිත කරන සියලු දෙනාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම සඳහා අනුගමනය කළ යුතු නීති, රීති හා ආරක්ෂිත හැසිරීම්වල එකතුවකි. පදිකයන්, පාපැදිකරුවන්, මගීන් සහ රියදුරන් ලෙස මාර්ග භාවිත කරන විට නිවැරදි ආකල්ප හා හැසිරීම් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. කුඩා කල සිටම දරුවන් තුළ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුම, අවබෝධය සහ වගකීම් සහගත ආකල්ප වර්ධනය කිරීම තුළින් අනාගතයේදී ආරක්ෂිත මාර්ග සංස්කෘතියක් ගොඩනැඟිය හැකිය.


එබැවින් පාසල් අවධියේ සිටම පාසල් දරුවන්ට ඔවුන්ගේ වයසට හා අවබෝධයට ගැළපෙන ආකාරයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.

දරුවන්ට දේශන හා පොත්පත් මඟින් පමණක් දැනුම ලබාදීමට වඩා, ඔවුන් සක්‍රීයව සහභාගි වන ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් දැනුවත් කිරීම වඩාත් ඵලදායී වේ.

මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම එක් දිනකට හෝ එක් වැඩසටහනකට සීමා නොවී අඛණ්ඩව සිදු කළ යුතු ක්‍රියාවලියකි. කුඩා කල සිටම දරුවන් තුළ ආරක්ෂිත පුරුදු, නිවැරදි ආකල්ප සහ වගකීම් සහගත හැසිරීම් වර්ධනය කිරීමෙන් මාර්ග අනතුරු අවම කරගැනීමටත්, වටිනා මිනිස් ජීවිත ආරක්ෂා කරගැනීමටත් දායක විය හැකිය.


ඒ සඳහා පාසල, දෙමාපියන්, ප්‍රජාව සහ අදාළ රාජ්‍ය ආයතන එක්ව කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම ප්‍රායෝගික පුහුණුව වැනි ක්‍රම භාවිත කිරීමෙන් දරුවන්ට මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුම අත්දැකීම් සමඟ සම්බන්ධ කරගැනීමට හැකි වේ.
“අද දැනුවත් වන දරුවා හෙට ආරක්ෂිත මාර්ග භාවිත කරන්නෙකු වේ” යන අදහස පෙරදැරි කරගෙන, දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කරන මාර්ග ආරක්ෂණ සංස්කෘතියක් ගොඩනැඟීම අප සැමගේ වගකීමකි. මෙකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වූ මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2026 වර්ෂයේ පාසල් මාර්ග ආරක්ෂණ වැඩසටහන් මාලාව යටතේ මධ්‍යම පළාතේ හඳුනාගත් පාසල්වල පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව 2026.07.24 හා 25 වන දින පිළිවෙලින් වත්තේගම අධ්‍යාපන කලාපයේ දුම්බර රාජකීය ප්‍රාථමික විද්‍යාලයේදී හා විල්ගමුව අධ්‍යාපන කලාපයේ පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදී.විද්‍යාලයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදී.

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No: 104, Yatinuwara Veediya, Kandy | Phone: 0812 238 702 | Email: cpctransportkandy@yahoo.com

© 2023 Design & Developed by Beelinesoft