Department of Transport

සේවාවන්

අපගේ සේවාවන්

මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත සාදරයෙන් පිළිගනිමු, එහිදී අපගේ දැක්ම කේන්ද්‍රගත වී ඇත්තේ සැමට ඵලදායී, ආරක්ෂිත සහ සුවපහසු ප්‍රවාහන සේවාවක් ලබා දීමයි. අපගේ මෙහෙවර පැහැදිලිය: මධ්‍යම පළාතේ මගීන් සඳහා ආරක්ෂිත සහ සුවපහසු ප්‍රවාහන අත්දැකීමක් ලබාදීම සඳහා කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස දායක වීමට අපි කැපවී සිටිමු. අපගේ බල සීමාව යටතේ ඇති සෑම වාහනයකම යෝග්‍යතාවය අවධාරණය කරමින්, ආරක්ෂාව සහ කාර්ය සාධනය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සහතික කිරීමට අපි වෙහෙස නොබලා කටයුතු කරන්නෙමු.

ආදායම් බලපත්‍ර

අපගේ ප්‍රධාන කාර්යාලයට/මධ්‍යම පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණ බලපත්‍ර ලබාගන්න

දැනුවත් කිරීමේ වැඩසටහන්

පාසල්, රජයේ නිලධාරීන් සහ මහජනතාව සඳහා වාර්ෂිකව මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

ව්‍යාපාර ලියාපදිංචිය

මධ්‍යම පළාතේ මගී සහ භාණ්ඩ ප්‍රවාහනයට අදාළ කුඩා ව්‍යාපාර අනුමත කිරීම.

ගරාජ සහ යෝග්‍යතාවය

මධ්‍යම පළාතේ ලියාපදිංචි වාහන සඳහා යෝග්‍යතා සහතික නිකුත් කිරීම සඳහා ගරාජ් සහ ලංගම ඩිපෝ ලියාපදිංචි කිරීම

No: 104, Yatinuwara Veediya, Kandy | Phone: 0812 238 702 | Email: cpctransportkandy@yahoo.com

© 2023 Design & Developed by Beelinesoft