Department of Transport

පාසල් මාර්ග ආරක්ෂණ වැඩසටහන් මාලාව යටතේ මධ්‍යම පළාතේ හඳුනාගත් පාසල්වල පාසල් සිසුන් දැනුවත් කිරීම – මාතලේ අධ්‍යාපන කලාපයේ වීර පරාක්‍රම ජාතික පාසල

මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2026 වර්ෂයේ පාසල් මාර්ග ආරක්ෂණ වැඩසටහන් මාලාව යටතේ මධ්‍යම පළාතේ හඳුනාගත් පාසල්වල පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.07.10 වන දින මාතලේ අධ්‍යාපන කලාපයේ වීර පරාක්‍රම ජාතික පාසලේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදී.
මාර්ග අනතුරු යනු ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද බරපතළ සමාජ ගැටලුවකි. මෙම අනතුරු හේතුවෙන් ජීවිත හානි, තුවාල සහ දේපළ හානි සිදුවේ. එබැවින් කුඩා අවධියේ සිටම පාසල් දරුවන් මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම ඉතා වැදගත් වේ. ඒ් අනුව මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් පාසල් දරු දැරියන්තුල වැඩි අවධානයක් යොමු කර ඒ තුලින් විනය ගරුක දරු පරපුරක් සමාජයට දායාද කිරීමත් එමඟින් මෙරට සිදු වන මාර්ග අනතුරු අවම කර ගැනීම මෙම දැනුවත් කිරීමේ වැඩසටහන්හි ප්‍රධාන අරමුණ වේ.
පාසල් සිසුන්ට රථවාහන ආරක්ෂාව හා මාර්ග විනය පිළිබඳ අඛණ්ඩ දැනුවත් කිරීම සිදු කිරීම, අනතුරු අවම කරමින් වගකීම් සහගත, විනය ගරුක හා විනීත රියදුරන් බිහි කිරීම සඳහා ඉතා වැදගත් වේ.මෙම වැඩසටහන් මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස්තුමියගේ පූර්ණ මඟපෙන්වීම යටතේ මහනුවර රථ වාහන අංශයේ පොලිස් නිලධාරි ප්‍රනීත් සච්න්තන බණ්ඩාර මහතාගේ සම්පත් දායකත්වය මත වීර පරාක්‍රම ජාතික පාසලේ විදුහල්පතිතුමාගේ හා කාර්යමණ්ඩලයේ සහයෝගය යටත් සාර්ථක අයුරින් පවත්වන ලදී.

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No: 104, Yatinuwara Veediya, Kandy | Phone: 0812 238 702 | Email: cpctransportkandy@yahoo.com

© 2023 Design & Developed by Beelinesoft