මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2026 වර්ෂයේ මාර්ග ආරක්ෂණ වැඩසටහන් මාලාව යටතේ පොදු ප්‍රවාහන කෂේත්‍රෙය් නියුතු රියදුරු මහතුන් , කොන්දොස්තර මහතුන් හා ඒ හා සබැඳි අනෙකුත් කාර්ය මණ්ඩලයන්හි නීරෝගීභාවය හා සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද සෞඛ්‍ය වෛද්‍ය සායනයක් 2026.07.13 වන දින ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් දඹුල්ල ඩිපෝ පරිශ්‍රෙය්දී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදී.
පොදු ප්‍රවාහන සේවය රටේ ආර්ථික, සමාජීය හා සංවර්ධන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයකි. එම සේවාව අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන්, කොන්දොස්තරවරුන්, කාර්මික කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සේවකයන් ඉටු කරන කාර්යභාරය ඉතා වැදගත් වේ. එබැවින් ඔවුන්ගේ නීරෝගී සෞඛ්‍යය ආරක්ෂා කිරීම සේවාවේ ගුණාත්මකභාවය, මගී ආරක්ෂාව සහ ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය කරුණකි.
රියදුරන් දිගු කාලයක් රථ ධාවනය කිරීම, අධික මානසික පීඩනය, රථවාහන තදබදය සහ විවිධ කාලගුණික තත්ත්වයන් යටතේ සේවය කිරීම හේතුවෙන් අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, ඇස් පෙනීමේ ගැටලු, කොන්ද හා සන්ධි ආබාධ වැනි සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු විය හැකිය. කොන්දොස්තරවරුන් සහ කාර්මික සේවකයන් ද ශාරීරික වෙහෙස, දූවිලි, ශබ්දය සහ තෙල් හා රසායනික ද්‍රව්‍ය සමඟ වැඩ කිරීම හේතුවෙන් විවිධ සෞඛ්‍ය අවදානම්වලට මුහුණ දෙති.
මෙවැනි පසුබිමක සේවකයන් ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය වෛද්‍ය සායනයක් පැවැත්වීම ඉතා කාලෝචිත හා ප්‍රයෝජනවත් වැඩසටහනකි. එවැනි සායනයක් මඟින් රුධිර පීඩනය, රුධිර සීනි මට්ටම, ඇස් පෙනීම, ශ්‍රවණය, ශරීර බර හා අනෙකුත් මූලික සෞඛ්‍ය පරීක්ෂණ සිදු කර රෝග මුල් අවධියේදීම හඳුනා ගැනීමට හැකියාව ලැබේ. අවශ්‍ය සේවකයන් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම, සෞඛ්‍ය උපදේශන ලබාදීම සහ නිවැරදි ජීවන රටාව පිළිබඳ දැනුවත් කිරීම ද මෙවැනි වැඩසටහන් මඟින් සිදු කළ හැකිය.
එසේම, සමබර ආහාර වේලක්, නිතිපතා ව්‍යායාම කිරීම, ප්‍රමාණවත් නින්ද, මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම, දුම්පානය හා මත්පැන් භාවිතයෙන් වැළකීම සහ වෘත්තීය ආරක්ෂක ක්‍රමවේද පිළිපැදීම පිළිබඳ දැනුවත් කිරීම මඟින් සේවකයන්ගේ සෞඛ්‍යය තවදුරටත් ශක්තිමත් කළ හැකිය. නීරෝගී සේවක පිරිසක් යනු ආරක්ෂිත හා විශ්වාසදායක පොදු ප්‍රවාහන සේවයක පදනමයි. සෞඛ්‍ය සම්පන්න සේවකයන්ගේ සේවා කාර්යක්ෂමතාව ඉහළ යන අතර අනතුරු අවදානම අඩුවීම, සේවයට නොපැමිණීමේ ප්‍රවණතාව පහළ යාම සහ මගීන්ට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම වැනි ප්‍රතිලාභ රැසක් හිමි වේ.
මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට සංවිධානය කරන ලද මෙම සෞඛ්‍ය වෛද්‍ය සායනය මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස්තුමියගේ පූර්ණ මඟපෙන්වීම යටතේ දඹුල්ල දිස්ත්‍රීක් මූලික රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සහයෝගය හා දඹුල්ල ඩිපෝවේ ඩිපෝ කළමනාකාරතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සහයෝගය යටත් ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදී.