Department of Transport

පෞද්ගලික බස් රථ සේවයේ නිරත රියදුරු මහතුන් හා කොන්දොස්තර මහතුන්ගේ ආකල්පයම සංවර්ධනයක් ඇති කිරීම

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන සේවාවක් ලෙස පෞද්ගලික බස් රථ සේවය හඳුනාගත හැක. දෛනිකව පාසල් සිසුන්, රැකියාවල නිරත පුද්ගලයන්, ව්‍යාපාරිකයන් සහ විවිධ අවශ්‍යතා සඳහා ගමන් කරන විශාල පිරිසක් මෙම සේවාව මත රඳා පවතී. එබැවින් මගී ජනතාවට ආරක්ෂිත, කාර්යක්ෂම හා ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීම බස් රථ රියදුරන් සහ කොන්දොස්තර මහතුන්ගේ ප්‍රධාන වගකීමකි.

බස් රථ රියදුරන් මාර්ග නීති පිළිපදිමින් ආරක්ෂිතව රිය ධාවනය කළ යුතු අතර, අධික වේගයෙන් ධාවනය කිරීම, අනතුරුදායක ලෙස ඉස්සර කිරීම සහ මගීන්ගේ ජීවිත අවදානමට ලක්වන ආකාරයේ ක්‍රියාකාරකම්වලින් වැළකී සිටිය යුතුය. එසේම, කොන්දොස්තර මහතුන් මගීන්ට ගෞරවයෙන් හා සුහදශීලීව සැලකීම, නිවැරදි ගාස්තු අය කිරීම, ප්‍රවේශපත් නිකුත් කිරීම සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට අවශ්‍ය සහය ලබාදීම තම වගකීම ලෙස සැලකිය යුතුය.

අනෙක් අතට, මගී ජනතාවටද මෙම සේවාව නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා වැදගත් වගකීම් රැසක් ඇත. ඔවුන් නියමිත ගාස්තු ගෙවීම, බස් රථය තුළ විනයගරුක ලෙස හැසිරීම, රියදුරුට හෝ කොන්දොස්තරට බාධා නොකිරීම, බස් රථයේ දේපළ ආරක්ෂා කිරීම සහ අනෙකුත් මගීන්ගේ පහසුවට හා ආරක්ෂාවට ගරු කිරීම අත්‍යවශ්‍ය වේ. රියදුරන්, කොන්දොස්තර මහතුන් සහ මගී ජනතාව තම තමන්ගේ වගකීම් හා භූමිකාව නිවැරදිව හඳුනාගෙන කටයුතු කරන විට, පොදු ප්‍රවාහන සේවාව වඩාත් විශ්වාසදායක, ආරක්ෂිත සහ කාර්යක්ෂම සේවාවක් බවට පත්වේ.

මෙකී අරමුණු හා ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා මධ්‍යම පළාතේ පෞද්ගලික බස් රථ සේවයේ නිරත රියදුරු මහතුන් හා කොන්දොස්තර මහතුන්ගේ ආකල්පයම සංවර්ධනයක් ඇති කිරීමත් සිය සේවාවන් ලබා දීමේදී ඔවුන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටළු හා ඒ සඳහා කෙටි කාලීනව ගත හැකි විසඳුම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ හඳුනාගැනීමේ එක්දින වැඩසටහනක් 2026 ජූලි මස 18 වන දින පල්ලෙකැලේ පිහිටි සංස්කෘකිත කලා නිකේතන පරිශ්‍රෙය්දී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදී. මෙම වැඩසටහන මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශ ලේකම් දිලීපා රෑපානි පියදාස මහත්මිය , මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් අයි.එස්.රත්නායක මහත්මියගේ හා මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ ගරු සභාපතිතුමන්ගේ පූර්ණ මඟපෙන්වීම යටතේ මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය හා මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව පවත්වන ලදී.

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No: 104, Yatinuwara Veediya, Kandy | Phone: 0812 238 702 | Email: cpctransportkandy@yahoo.com

© 2023 Design & Developed by Beelinesoft