ශ්රී ලංකාවේ සමස්ත රාජ්ය සේවයේ ගුණාත්මකභාවය , කාර්යක්ෂමතාවය හා පාරදෘශ්යභාවය ඉහළ නැංවීම මෙන්ම, වංචාවෙන් හා දූෂණයෙන් තොර රාජ්ය සේවයක් ගොඩනැංවීම අරමුණු කරගත් ජාතික සුපිළිපන් සතිය 2026 ජූලි 27 වන දින සිට 31 දින දක්වා ක්රියාත්මක වේ.
ඒ අනුව, මධ්යම පළාත් ප්රවාහන දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා එක්ව සුපිළිපන් ප්රතිඥාව ලබා දීම 2026 ජූලි 27 වන දින සාර්ථකව සිදු කරන ලදී.