සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක් යන තේමාව යටතේ ක්‍රියාත්මක වන ජාතික සුපිළිපන්සතිය වෙනුවෙන් රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ජූලි මස 31 වන දින මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රෙය්දී පැවැත්විණි.
රාජ්‍ය සේවකයෙකුට තම රාජකාරි ඉටු කිරීමේදී යහපත් ආචාර ධර්ම, විනය, ගරුත්වය, වගකීම් සහගත හැසිරීම හා සදාචාරාත්මක ක්‍රියාකලාපයන්ගෙන් යන ගුණාංග අත්‍යවශ්‍ය වේ. සුපිළිපන් රාජ්‍ය සේවකයෙකු ජනතාවට ගෞරවයෙන් හා සාධාරණව සේවය කල යුතු අතර ඔහු හෝ ඇය නීතියට අනුකූලව කටයුතු කරන අතර, අවංකභාවය, විනිවිදභාවය සහ වගවීම ආරක්ෂා කල යුතුය. එමෙන්ම පක්ෂපාතීත්වයෙන් තොරව සියලු පුරවැසියන්ට සමාන ලෙස සේවය සැපයීමට උත්සාහ දැරිය යුතුය.
සුපිළිපන්බව නිසා රාජ්‍ය සේවය කෙරෙහි ජනතාවගේ විශ්වාසය වැඩි වන අතර, දූෂණය හා අක්‍රමිකතා අවම කිරීමට ද එය උපකාරී වේ. මෙය කාර්යක්ෂම, ඵලදායී සහ ජනතා හිතකාමී රාජ්‍ය පරිපාලනයක් ගොඩනැගීමට වැදගත් පදනමකි. ඒ අනුව, සුපිළිපන්බව හා රාජ්‍ය සේවකයා අතර ඉතා සමීප සම්බන්ධතාවයක් පවතින අතර, යහපත් රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා සෑම රාජ්‍ය සේවකයෙකුම සුපිළිපන් ගුණාංග අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය සේවය තුල විනය, වගකීම සහ යහපත් පුරවැසි වටිනාකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සම්පත් දායකත්වය මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (කූම සම්පාදන) ලලිත් දසනායක මහතා විසින් ලබා දෙන ලදී.