මධ්යම පළාත තුළ ලියාපදිංචි කර ඇති වාහන සඳහා 2027 වර්ෂයට යෝග්යතා සහතික නිකුත් කිරීමේ කාර්ය ඉටු කිරීම පිණිස, ව්යාපාරයක් වශයෙන් ලියාපදිංචි වී ඇති සහ අදාළ බදු ගෙවීම් පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කළ හැකි ගරාජ හිමියන්ගෙන් හා ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් ඩිපෝ වලින් 2026.10.07 දිනට පෙර අයදුම්පත් කැඳවනු ලැබේ. වැඩිදුර විස්තර 2026.09.11 වන දින 2506 අංක දරණ ගැසට් පත්රයේ පල කර ඇත.