මධ්යම පළාත් ප්රවාහන දෙපාර්තමේන්තුවේ ප්රධාන සේවා කාර්යයන් අතර වාර්ෂික වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම ප්රමුඛ ස්ථානයක් ගනී. ප්රවාහන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලයෙන් මෙන්ම මධ්යම පළාතේ සියලුම ප්රාදේශීය ලේකම් කාර්යාල මගින් මෙම සේවාව ජනතාව වෙත සෘජුවම ලබාදෙන බැවින්, එම කාර්යයේ කාර්යක්ෂමතාව, නිවැරදිභාවය, කඩිනම්භාවය හා පාරිභෝගික හිතකාමීභාවය රාජ්ය සේවයේ ගුණාත්මකභාවය කෙරෙහි සෘජුවම බලපායි. එබැවින් එම රාජකාරියේ නිරත නිලධාරින්ගේ ආකල්ප, සන්නිවේදන කුසලතා, සේවාලාභීන් සමඟ කටයුතු කිරීමේ හැකියාව සහ රාජකාරි වගකීම පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම ඉතා වැදගත් වේ.
මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මධ්යම පළාතේ සියළුම ප්රාදේශීය ලේකම් කාර්යාලයන්හි වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීමේ රාජකාරිහි නිරත නිලධාරින්ගේ විෂයානුබද්ධ දැනුම වර්ධනය කිරීමේ හා ධාරිතා සංවර්ධනය කිරීමේ වැඩසටහනක් 2026.08.15 වන දින පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතන ශ්රවණාගාරෙයේදී පවත්වන ලදී.
මෙම ධාරිතා සංවර්ධනය කිරීමේ වැඩසටහන සඳහා සම්පත් දායකත්වය මධ්යම පළාත් මාර්ග සංවර්ධන අමාත්යාංයේ සහකාර ලේකම් අයෝමි දූල්වල මහත්මිය විසින් ලබා දුන් අතර විෂයානුබද්ධ දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන සඳහා ප්රවාහන දෙපාර්තමේන්තුවේ ආදායම් බලපත්ර අංශයේ පද්ධති පරිපාලක සංජීව අළුත්වත්ත මහතා සහ සුපරීක්ෂක කාර්යයේ නිරත නයෝමී බඹරදෙණිය මහත්මිය හා නිලූෂා එදිරිනායක මෙනවිය විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.